හස්ථ කර්මාන්ත ශිල්පීන් සදහා ඉතිහාසයේ පළමුවරට කිසිදු වාරික අයකිරීමක් නොමැති රක්ෂණ ක්‍රමයක් හදුන්වා දෙන බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. හස්ථ කර්මාන්ත ශිල්පීන් ලියාපදිංචි කිරීමේ ජංගම සේවයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/HDL2HunDIew”]
කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචිකිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ශිල්ප සභාවයි වැඩසටහන සංවිධානකර තිබුණේ. හස්ථ කර්මාන්ත ශිල්පීන් වර්තමානයේ මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණා. හස්ථ කර්මාන්ත ශිල්පීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.