මෝර වරල් ආනයනය සහ අපනයනය තහනම් කිරීමට කැනඩාව තීරණය කර තිබෙනවා. ජී 20 රටවල් අතරින් එම තීරණය ගත් පළමු රට කැනඩාව බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
මෝර වරල් වෙළෙදාම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ වැඩි අවධානය යොමුවුණා. වඳවීමේ තර්ජනයට ලක්වූ සත්ව කොට්ඨාසයක් වන මෝරුන්ගේ කොටස් ආනයනය අපනයන අවස්ථා පසුගිය කාලසීමාවේ බහුලව වාර්තාවී තිබෙනවා. එය ගෝලීය මෝරුන්ගේ ගහණයට දැඩි බලපෑමක් බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.