ඉහල ගුණාත්මක බවින් යුත් අධ්‍යාපන ප්‍රතිපත්තිමය කි‍්‍රයාමාර්ග ඇතුලත් නව ජාතික අධ්‍යාපන පනතක් සැකසිමට හැකිවිම සතුටට කරුණක් බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා.
ඒ නව පනත් කෙටුම්පත අවසන් සංස්කරණය සහ සමාලෝචනය එළිදැක්විමේ අවස්ථාවට එක්වෙමින්. මෙතෙක් පවතින 1939 අංක 31 දරණ යටත් විජිත සමයේ හදුන්වා දුන් අධ්‍යාපන පනත වෙනුවට නව පනත හදුන්වාදිමයි සැලසුම.
අධ්‍යාපන ක්ෂේත්රයේ වසර ගණනාවක් පැවති ගැටලු කෙරෙහි අවධානය යොමු කරමින් නව ජාතික අධ්‍යාපන පනතක් හදුන්වාදිමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.