fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුවසැරියට ඇමතුම් ලක්ෂ 11ක් – නැගෙනහිරටත් සේවා

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2019 11:43

සුවසැරියට ඇමතුම් ලක්ෂ 11ක් – නැගෙනහිරටත් සේවා

1990 සුවසැරිය ගිලන්රථ සේවාවට ඇමතුම් ලක්ෂ 11 කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇති බව අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. දෙලක්ෂ දසදහසකට වැඩි පිරිසකට ඒ තුළින් සෙත සලසා ඇති බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.

තවත් අදියරක් අම්පාර නගර සභා ශාලාවේදී ලබන ඉරිදා (23) ක්‍රියාත්මක කෙරෙනවා. නැගෙනහිර පළාතේ රෝහල් සදහා අවශ්‍ය ගිලන් රථ ප්‍රදානය කිරීමයි මෙහිදී සිදුකෙරෙන්නේ. 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ අවසන් අදියර නැගෙනහිර පළාත කේන්ද්‍රකර ගනිමින් මෙසේ ක්‍රියාත්මක වනවා.

අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුව ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස ගිලන් රථ 27 ක් මෙහිදී ප්‍රදානය කිරීමට නියමිතයි. 1990 සුවසැරිය ගිලන් රථ සේවාව මේ වනවිට ගිලන් රථ 297 කින් සමන්විතයි.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2019 11:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්