පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කමිටු රැස්වීමක් අද පැවැත්වෙනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී එය පස්වරු දෙකට පැවැත්වෙන බවයි තේරීම් කාරක සභා සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කළේ. කාරක සභාවේ සාමාජිකයන් පමණක් ඊට සහභාගී වනවා.
පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ඊයේ දිනයේදී ද රැස්වුණා. යළි එය ලබන සතියේ රැස්වීමට නියමිත බවයි සභාපතිවරයා පෙන්වාදුන්නේ.