ඇමරිකාවේ සියදිවි නසාගැනීම් ඉහළ ගොස් තිබෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසු 2017 වසරේදී එහි වැඩිම අගය වාර්තාවී ඇති බවයි නවතම අධ්‍යයනයකින් හෙළිවුණේ.
සෑම ඇමරිකා වැසියන් ලක්ෂයකගෙන් 14 දෙනෙකු සියදිවි නසාගැනීම් වලින් මියයනවා. 1999 සිට එය සියයට 33 ක වර්ධනයක්.
2016 වසරේදී ඇමරිකා ජාතිකයන් හතළිස් පන්දහසක් සියදිවි නසාගෙන ඇති බවයි මධ්‍යම සෞඛ්‍ය ඒජන්සිය නිකුත් කළ අධ්‍යයන වාර්තාවේ සඳහන් වන්නේ.