ඉරානය ඇමෙරිකා ඩ්‍රෝන යානාවකට ප්‍රහාර එල්ලකිරීම හේතුවෙන් ඉරානය බරපතල වරදක් සිදු කර තිබෙන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඉරානය මෙම ඩ්‍රෝන යානාවට ප්‍රහාර එල්ලකර තිබෙන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදීයි.
ඇමෙරිකා ඩ්‍රෝන යානය තම ගුවන් සීමාවට පැමිණීම හේතුවෙන් මෙලෙස එම යානය බිම හෙළූ බවයි ඉරාණය පවසන්නේ.
නමුත් ඇමෙරිකාව එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ හේතුවෙන් දෙරට අතර මතභේද ඇතිවිය හැකි බවයි විදෙස් විචාරකයින් පවසන්නේ.