fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් නව දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2019 10:33

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් නව දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර වළක්වා ගැනීමට පියවර නොගැනීම හේතුවෙන් ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් නව දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ කටයුතු ආරම්භ කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා.

ඒ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුන් දෙනෙකුට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට, සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනකුට සහ පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුටයි. මෙම පොලිස් නිලධාරී කොළඹ, මීගමුව, වයඹ ආදී ප්‍රදේශවලට අනුයුක්තව සේවය කළ අයයි. ජනාධිපතිවරයා පත්කළ විශේෂ මණ්ඩල විමර්ශන කමිටු වාර්තාවේ නිර්දේශ අනුව මෙම උපදෙස් ලබාදෙන බව නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත යැවූ ලිපියේ සදහන් වනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2019 10:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්