බුදුපුත් සුරක්ෂා රක්ෂණ යෝජනා ක්‍රමය ලබන 26 වනදා සිට ක්‍රියාත්මක බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. එහි සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.
බුද්ධ ශාසන අරමුදල මගින් මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි. ඒ සදහා භික්ෂූන්වහන්සේ ලියා පදිංචි කිරීම, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් මගින් සිදු කෙරෙනවා. රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/ByZqhWkLbTw”]
රක්ෂණ ආවරණය ලබාදීමේ සමාරම්භ උත්සවය ලබන 26 වනදා සවස 03.00 සිට අයිටීඑන් ඔස්සේ සජීවීව ගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා.