සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ වව්නියාව පිහිටි චෙන්ෂුලාන් අධ්‍යාපන මධ්‍යස්ථානයේ පුස්තකාල ගොඩනැගිල්ල පසුගියදා විවෘත කෙරුණා.
මෙම පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කෙරුනේ කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 45 ක් පමණ වනවා. පාසල් සිසුන් 750 දෙනෙකුට නිල ඇඳුම් හා පාසල් උපකරණ බෙදාදීම ද මීට සමගාමීව සිදු වුණා. මහාකරුණා බෞද්ධ සංගමයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක ආචාර්ය පූජ්‍ය කරඳටියන ගුණරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදියි එම කටයුතු සංවිධානකර තිබුණේ. මැලේසියාවේ සහ සිංගප්පූරුවේ දූත පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වුණා. මහා සංඝයා වහන්සේ සිය නමකට සිවුරු පූජා කිරීමද මෙහිදී සිදු කෙරුණා.