කන්ටේනර් රථයක් ප්රපාතයකට පෙරලීමෙන් දෙදෙනෙකුට තුවාල
Related Articles
කන්ටේනර් රථයක් ප්රපාතයකට පෙරලීමෙන් දෙදෙනෙකු තුවාල ලැබුවා. ඩයගම සිට කොළඹ දක්වා තේ ප්රවාහනය කළ කන්ටේනර් රථය ප්රපාතයට පෙරලී ඇත්තේ ගිනිගත්හේන කඩවල ප්රදේශයේදී.
එහි තේකොළ ටොන් 10 ක් ප්රවාහනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ. රථයේ තිරිංග ක්රියාවිරහිතවීමෙන් අනතුර සිදුව තිබෙනවා.
තුවාල ලැබූ දෙදෙනාගේ තත්වය බරපතල නොවන බවයි රෝහල් වාර්තා සදහන් කළේ.