ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ වැඩසටහන යටතේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඉඩම් හිමියන් සඳහා ඔප්පු පන්දහසක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මෙම වැඩසටහනෙන් මේ වන විට වලව කලාපයේ ඉඩම් හිමියන්ට ඔප්පු හාරදහසක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. 2019 වසරේ ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේයි අලුතින් ඔප්පු පන්දහසක් ලබාදීමට කටයුතු කෙරෙන්නේ. මේ යටතේ චන්ද්‍රිකා වැව, මුරවැසිහේන, සූරියවැව, කිරිඉබ්බන්වැව, අගුණකොළපැලැස්ස හා මයුරපුර ප්‍රදේශවල ඉඩම්ලාභීන් සඳහා ඔප්පු ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කෙරෙනවා.