වවුනියාව දිස්ත්රික්කයේ පවුල් දොලොස් දහස් පන්සිය පනස් අටකට සමෘද්ධි සහනාධාරය ලබාදීම ආරම්භ කෙරුණා. දිවයිනේ පවුල් ලක්ෂ 06 කට අලුතින් සමෘද්ධි හමිකම් ලබාදීමේ වැඩිසටහන යටතේයි එය සිදු කෙරුණේ.
වවුනියාව දිස්ත්රික්කයේ අඩුආදායම් ලාභී පවුල් වෙත සමෘද්ධි හිමිකම් ලබාදීම සිදු කෙරුණා. නැවත පදිංචි කළ ජනතාවමෙන්ම යුද්ධයෙන් පීඩාවට පත් සමෘද්ධි ලාභීන් ලෙස තෝරාගැනීමට පියවර ගෙන තිබෙනවා. වවුනියාව චෙප්පන් කුලම් සමෘද්ධි බැංකු පරිශ්රයේදී මොවුන් වෙත සමෘද්ධි හිමිකම්පත් ලබාදීම සිදු කෙරුණා.
මේ අතර මතුගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1500 කට සමෘද්ධි හිමිකම්පත් ලබාදීම සිදු කෙරුණා. මතුගම ප්රාදේශීය ලේකම් කාර්යාලීය පරිශ්රයේදී ඔවුන් වෙත සමෘද්ධි හිමිකම් පත්ර පිරිනැමුණා. තම ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් ශක්තියක් වීම පිලිබද ජනතාව රජයට ප්රසාදය පල කළේ මේ ආකාරයෙන්.
[ot-video type=”youtube” url=”https://youtu.be/wz88ll2vHog”]