fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මරදාන සාන්ත ජෝෂප් විද්‍යාලය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය පරදවයි

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2019 11:34

මරදාන සාන්ත ජෝෂප් විද්‍යාලය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය පරදවයි

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සමග පැවති තරගය ලකුණු 22ට 10ක් ලෙස පහසු ජයක් වාර්තා කිරිමට මරදාන සාන්ත ජෝෂප් විද්‍යාලය සමත් වුණා.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල ක්‍රිඩා පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමාවන විට මරදාන සාන්ත ජෝෂප් විද්‍යාලය ලකුනු 12ක් ලබා සිටියා. එම අර්ධයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට ලබා ගත හැකි වුයේ ලකුණු 05 ක් පමණයි. තරගයේ දෙවන අර්ධයේදී ආක්‍රමණශිලි තරග රටාවක නිරත වූ මරදාන සාන්ත ජෝෂප් විද්‍යාල ක්‍රිඩකයින් පෙරමුණේ පසුවුනා. තරගය නිමාවන විට ඔවුන් ලකුණු 22ක් රැස් කරමින් ජය හිමි කර ගත්තා. ඊට උත්සාහක ගෝල දිනුම් 04ක් සහ ප්‍රවර්තනයක්  ඇතුලත්. ඒ වන විට  ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ලබා සිටියේ  ලකුණු 10ක් පමණයි.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2019 11:34

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්