fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

M.H 17 ගුවන් යානයට වෙඩි තබා බිම හෙලීම ගැන 04 දෙනෙකුට චෝදනා ගොණු කෙරේ

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2019 10:08

M.H 17 ගුවන් යානයට වෙඩි තබා බිම හෙලීම ගැන 04 දෙනෙකුට චෝදනා ගොණු කෙරේ

එම්.එච්. 17 ගුවන් යානයට වෙඩි තබා බිම හෙලීම සම්බන්ධයෙන් පුද්ගලයින් 04 දෙනෙකුට චෝදනා ගොණු කර තිබෙනවා.

2014 වසරේ ජුලි මාසයේදී මැලේසියා ගුවන් සමාගමට අයත් මෙම ගුවන්යානය වෙඩි තබා බිම හෙළනු ලැබුවේ යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශයේදීයි. ඉන් මගීන් හා කාර්ය මණ්ඩලය 298 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. එය ඇම්ස්ටර් ඩෑම් සිට ක්වාලාලාම්පූර් දක්වා ගමන් කරමින් තිබුණා. ගුවන්යානය බිම හෙලීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගත් පළමු අවස්ථාව මෙයයි. චෝදනා එල්ල වූ පුද්ගලයන් අතර රුසියා හිටපු උසස් පොලිස් නිලධාරියකු බුද්ධි අංශ නිළධාරයකුද වන බවයි විදෙස්  වාර්තා සදහන් කරන්නේ. මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2019 10:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo