fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව පුරා මිලියන 70 ක ජනතාව අවතැන්වී සිටින බව හෙළි වෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2019 18:37

ලොව පුරා මිලියන 70 ක ජනතාව අවතැන්වී සිටින බව හෙළි වෙයි

ලොව පුරා ජීවත් වන මිලියන 70 ක ජනතාවක් අවතැන්වී සිටින බව සරණාගතයින් පිළිබඳ ජගත් මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරනවා.

පසුගිය වසරට වඩා මේ වසරේදී මිලියන 2 යි දශම 3 කින් අවතැන් සංඛ්‍යාව වැඩි වී ඇති බවයි එම සංවිධානය පවසන්නේ. සෑම දිනකම තිස්හත් දහසක පමණ පිරිසක් අවතැන්වන බව ද සඳහන්. සංක්‍රමණික ගැටලුව හේතුවෙන් මෙම තත්ත්වය වර්ධනය වන බවයි ඔවුන් පවසන්නේ. වෙනිසුවේලාව, සුඩානය, කාම්භෝජය, සිරියාව වැනි රටවලින් සංක්‍රමණය වන පිරිස වැඩිවීම හේතුවෙන් මෙම තත්ත්වය වර්ධනය වී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2019 18:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්