fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෛද්‍ය ෂාෆි සම්බන්ධ විමර්ශන CID භාරයට

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2019 17:52

වෛද්‍ය ෂාෆි සම්බන්ධ විමර්ශන CID භාරයට

කුරුනෑගල රෝහලේ වෛද්‍ය ෂෙයිගු ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කර තිබෙනවා. පුද්ගලයින් 758 දෙනෙකුගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කර ගෙන අවසන්.

සිසේරියන් සැත්කම්වලින් පසුව මව්වරුන් වද භාවයට පත් වූ බවට හා එම මව්වරුන්ට සිදු කළ සැත්කම්වලින් අනතුරුව විවිධ අසාදනවලට ලක් වූ බවට වෛද්‍ය සාෆිට එරෙහිව විවිධ චෝදනා එල්ල වුණා. කුරුනෑගල හා දඹුල්ල රෝහල්වලට ලැබී ඇති පැමිනිලි සම්බන්ධයෙන් පරීක්ෂණ  පසුගිය මස 27 වනදා ආරම්භ කළා. මෙම විමර්ශනවලට අනුව සිසේරියන් සැත්කම්වලට භාජනය වූ මව්වරුන් 601 දෙනෙකු විශේෂඥ ප්‍රසව හා නාරිවේදී වෛද්‍යරුවරුන් 07 දෙනෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයකුගෙන්ද දැනටමත් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගෙන අවසන්. එමෙන්ම නොමේරු ළදරුවන් පිලිබද වෛද්‍යවරුන් 06 දෙනෙකුගෙන්  ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා.

විශේෂයෙන් සිසේරියන් සැත්කමක් සිදු කරන අවස්ථාවේදී ඊට සහාය වන වෛද්‍යවරුන් හා වෛද කාර්ය මණ්ඩලවලින්ද අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. ඒ අනුව සිසේරියන් සැත්කම සිදු කරන වෛද්‍යවරයාට සහාය ලබා දෙන වෛද්‍යවරුන් 11 දෙනෙකු නිර්වින්දන වෛද්‍යවරුන් දස දෙනෙකුගෙන් සිද්ධිය පිළිබද කරුණු සටහන් කරගෙන තිබෙනවා. මෙවැනි සැත්කමක් සිදු කරන අවස්ථාවෙදී අවම වශයෙන් හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු හෝ ඊට එක්වන බව රෝහල් වාර්තා  සදහන් කර තිබෙනවා. ඒ අනුව ප්‍රධාන හෙද නිලධාරියකු ඇතුළු හෙද නිලධාරීන් 70 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

විමර්ශන තවදුරටත් විධිමත් කරමින් සැත්කමට සහාය වන උපස්ථාන සේවකයින් 18 දෙනෙකුගෙන්ද අවශ්‍ය තොරතුරු ලබා ගෙන තිබෙනවා.  විමර්ශනවලට වැදගත්වන වෙනත් ප්‍රකාශ 31 ක් දැනටමත් ලබා ගෙන  ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. කුරුනෑගල රෝහල් අධ්‍යක්ෂවරයා මෙන්ම චෝදනා එල්ල වන වෛද්‍ය සාෆිගෙන්ද අවස්ථා ගණනාවකදී ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2019 17:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්