fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බැසිල්ට එරෙහි නඩුව කල් යයි

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2019 17:36

බැසිල්ට එරෙහි නඩුව කල් යයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාතර  එලියකන්ද ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපාරාධ කොට්ඨාසය ගොණු කළ නඩුවක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගැනුණා.

අක්කර එකහමාරක මෙම ඉඩම සම්බන්ධයෙන් නඩුව 2015 වසරේදී පවරා තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධි චෝදනා ගොණු කරන්නේ නැති බව විත්ති පාර්ශ්වය ප්‍රකාශ කළා. ඒ අනුව විශේෂ නඩුවක් නොවන බැවින් දීර්ඝ දිනයක් ලබා දෙන බවයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කළේ. වැඩිදුර නඩු විභාගය ලබන වසරේ මාර්තු මස 18 වනදා දක්වා කල් තැබුණා.

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2019 17:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්