දකුණු කොරියාවෙන් උතුරු කොරියාවට සහල් ටොන් පනස් දහසක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
ලෝක ආහාර වැඩසටහන යටතේ මෙම සහල් තොගය ලබාදීමට කටයුතු කරන බවයි දකුණු කොරියාවේ ඒකාබද්ධ අමාත්‍ය කිම් යෙඕන් චූල් මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ. මෙය දකුණු කොරියාවෙන් උතුරු කොරියාවට ලබාදිය හැකි අවම ආධාර ප්‍රමාණය බව ද ඔහු ප්‍රකාශ කළා. උතුරු කොරියාව පසුගිය දශකය පුරාම දරුණු ආහාර අර්බුදයකට මුහුණ දී සිටිනවා.