අද(19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය හෙට (20) දහවල් දෙක දක්වා අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
වැටුප් හා ශ්‍රේණි ගැටලුවක් මුල්කරගනිමින් දුම්රිය රියදුරු , නියාමක , ස්ථානාධිපති , පාලක සහ අධික්ෂණ කළමනාකරුවන් වර්ජනයට එක්වීමටයි තීරණය කළේ. එහෙත් ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හෙට (20) පස්වරු දෙකට සාකච්ඡාවක් කැදවා තිබෙනවා. මේ හේතුවෙන් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා ප්‍රකාශ කළා.