fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවීන තක්ෂණය සමඟ මත්ස්‍ය වගාවට ධීවරයින් හුරු කිරීමට කටයුතු කෙරෙනවා

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2019 15:09

නවීන තක්ෂණය සමඟ මත්ස්‍ය වගාවට ධීවරයින් හුරු කිරීමට කටයුතු කෙරෙනවා

නවීන තක්ෂණය සමඟ මත්ස්‍ය වගාවට ධීවරයින් හුරු කිරීමට කටයුතු සිදු කෙරෙමින් සිටින බව කෘෂි කර්ම පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

”පිටරට අත්අඩංගුවේ සිටින සියලු ධීවරයින් නිදහස් කරගැනීමට හැකි වුණා. රජය මඟින් ලබාදෙන ප්‍රතිපාදන යටතේ ධීවර කර්මාන්තය නඟා සිටුවන්න බෑ. ලෝක බැංකුව නොර්වේ යන රටවල ආධාර ලැබෙනවා. රජයේ ආධාර ඇතිව නවීන තක්ෂණය සමඟ මත්ස්‍ය වගාවට හුරු කිරීමට කටයුතු කෙරෙනවා. අභ්‍යන්තර ධීවර ජලාශවලට ධීවර සමිති පිහිටුවා තිබෙනවා. ගැටළුවක් තිබෙනවා නම් ඒ ගැන මැදිහත් වීමට පුළුවන්. ධීවර වරාය හා බෝට්ටු එකාධිකාරියක් තිබුණා. ඒ සමිතිවල ව්‍යවස්ථා වෙනස් කර තිබෙනවා. ධීවර අංශයේ සැමන් කර්මාන්තය දේශීය වශයෙන් ක්‍රියාත්මක වෙනවා .දේශීය දෙය අගය කළ යුතුයි.”

 

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2019 15:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්