ජපානයට බලපෑ රිච්ටර් පරිමාණ ඒකක 6.7ක ප්රබල භූ කම්පනයෙන් පුද්ගලයින් විසිහය දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. භූ කම්පනය හේතුවෙන් ජපානයේ වයඹ ප්රදේශයේ නායයාම් හා විදුලිය ඇණහිටීම් ද වාර්තා වී තිබෙනවා.ඉදිරි දින කිහිපයේදී තවත් භූ කම්පනයන් සිදුවිය හැකි බවයි ජපාන කාලගුණ අංශ අනතුරු අඟවන්නේ. අද දිනයේදී ප්රදේශ රැසකට තද වැසි බලාපොරොත්තු විය හැකි බැවින් අනතුරුදායක ගොඩනැගිලිවලින් පිරිස ඉවත් කිරීමටද පියවර ගැනුණා.