හක්බෙල්ලන් 4017 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගැණුනා.
තලෙයිමන්නාරම සිට පේසාලේ දක්වා ගමන් කරමින් තිබූ කැබ් රථයක් පරීක්ෂා කිරීමේදී හක්බෙල්ලන් 1645 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගෙන් කළ ප්රශ්න කිරීම්වලදී ඔහුගේ නිවසේ තිබී තවත් හක්බෙල්ලන් 2372 ක් සොයාගත් බවයි නාවික හමුදාව පවසන්නේ.
සැකකරු පේසාලේ ප්රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු සහ හක්බෙල්ලන් තොගයත් කැබ් රථයත් ඉදිරි පරීක්ෂණ සදහා මන්නාරම සහකාර ධීවර අධ්යක්ෂ වෙත භාරදී තිබෙනවා.