ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමෙන් පසු ඔහු ඇතුළු 7 දෙනෙකුට එරෙහි නඩුව විභාගයට ගැනීමට කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය අද තීරණය කළා. මේ අතර රාජපක්ෂ මහතාට හෘද සැත්කමක් කර ඇති බැවින් තවත් සති හයක කාලයක් විදේශ ගතව සිටීමට අවශ්‍ය බව ඔහුගේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර සදහා විදේශ ගතවීමට පසුගියදා අධිකරණය අවසර ලබාදුන්නා. ඒ ජුනි මස 2 වනදා සිට 19 වනදා දක්වායි. ඩී ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට අදාළ නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද යළි විභාගයට ගත්තා. එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතීඥ අලි සබ්රි මහතා කියාසිටියේ රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ රෝහලකදී මැයි 31 වනදා හෘද සැත්කමක් සිදුකර ඇති බවයි. ශල්‍යකර්මයෙන් පසු රෝහලෙන් පිටව ගියද සති හයක කාලයක් පුනරුත්ථාපන ප්‍රතිකාර සදහා විවේක ගැන්විය යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශකර ඇතැයි ද ඔහු කියාසිටියා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජුලි 24 වනදා දිවයිනට පැමිණීමට නියමිත බවයි නීතීඥවරයා තවදුරටත් කියාසිටියේ. ඒ අනුව එදින තෙක් විදේශගතවීමට ඔහුට අධිකරණය අවසර ලබාදුන්නා.