යාන්ත්‍රික දම්වැල් කියත් ආනයනය තහනම් කිරීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුණා. වන විනාශය වැළැක්වීම එහි අරමුණයි. ඒ සමඟ තවත් යෝජනා කිහිපයකටම කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
වන විනාශය සදහා යාන්ත්‍රික දම්වැල් කියත් විශාල වශයෙන් භාවිත කරන බව හෙළිවී තිබෙනවා. දැනට ලියාපදිංචි වී ඇති එම යන්ත්‍ර සංඛ්‍යාව අසූ දෙදහසකට අධිකයි. වන විනාශය වැළැක්වීමේ අරමුණෙනුයි යාන්ත්‍රික දම්වැල් කියත් ආනයනය තහනම් කිරීමට රජය තීරණය කර ඇත්තේ.
රජයේ ආයතන සතු එහෙත් ඵලදායී ලෙස ආර්ථික කටයුත්තකට යොදාගත නොහැකි මෙන්ම එවැනි පෞද්ගලික ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කඩිනම් වන වගා වැඩසටහනට යොදා ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. මුලු භූමි ප්‍රමාණයෙන් 29.7% වන / වන ආවරණය 2030 වසර වන විට 32% දක්වා ඉහළ නංවා ගැනීම මෙහි අරමුණයි.
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම ප්රතිලාභ පහසුවෙන් හා කඩිනමින් ලබාගත හැකිවන පරිදි එම අරමුදල් පනත යටතේ නියෝග සෑදීම පිණිස වන යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුණා. ඒ අනුව සේවකයෙකු බදවාගත් පසු ඔහුගේ තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුවට ලබාදීම සදහා නිශ්චිත කාලසීමාවක් නියම කෙරෙනු ඇති.
21 ත්‍රස්ත ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වූ සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා ලබාදුන් සහන පැකේජය තවදුරටත් පුළුල් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. ඒ අනුව සංචාරක කර්මාන්තයේ නිරත ආයතන හා පුද්ගලයින් සදහා හදුන්වා දුන් කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය වෙනුවෙන් ලබන මාර්තු 31 දක්වා සහන කාලයක් හිමිවනු ඇති. ඒ සදහා වන ණය සුරැකුම් මුදලේ ආවරණය ද පුළුල් කෙරෙනවා. මගී බස්රථ හිමියන් සදහා මාස දෙකක ණය සහන කාලයක් ලබාදීම හා සංගීත කණ්ඩායම් සදහා ද කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය හදුන්වාදීමට නියමිතයි. සංචාරක කර්මාන්තයට අදාළ කුඩා පරිමාණයේ අවිධිමත් අංශවල සේවාවන්හි නියුතුවූවන්ට ද සංචාරක පොඩ්ඩෝ නමින් සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කෙරෙනු ඇති.