ලක්ෂ විස්සක් වටිනා හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය ප්රකාශ කළා.
ඔහු ලග තිබී හෙරොයින් කිලෝග්රෑමයකට වැඩි ප්රමාණයක් හමු වුණා. ආරක්ෂක අංශ වැටලීම සිදු කළේ රත්මලාන කටුබැද්ද හන්දිය ප්රදේශයේදී. සැකකරු හෙරොයින් තොගය මෝටර් රථයකින් ප්රවාහනය කරමින් තිබූ බවයි ආරක්ෂක අංශ පවසන්නේ.