ඉන්දියාවේ චෙන්නායි නගරයේ වැසියන් උග්ර ජල හිඟයකට මුහුණපා සිටිනවා.
මේ දිනවල බලපා ඇති අධික වියළි කාලගුණ තත්ත්වය එයට හේතුවයි. සෙල්සියස් අංශක හතලිස්පහක උෂ්ණත්වයක් එම ප්රදේශයට පවතින බවයි ඉන්දීය කාලගුණ අංශ සදහන් කරන්නේ. ප්රධාන ජල සැපයුම් මාර්ග 4 ක් සිදීයාම හේතුවෙන් මෙම ජල ගැටලුව හටගෙන තිබෙනවා. චෙන්නායි නුවර වැසියන්ට බව්සර් මගින් ජලය සැපයුවද එය ප්රමාණවත් නොවන බවට ජනතාව මැසිවිල නගනවා.
මේ අතර ඉන්දියාවේ ප්රාන්ත කිහිපයකට බලපා ඇති අධික වියළි කාලගුණය හේතුවෙන් පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් විවිධ ආබාධවලට ලක්ව සිටිනවා.