පොළොන්නරුව වැලිකන්ද ප්රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරකින් පස්දෙනෙකු මියගොස් තවත් දොළොස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ අසූ නව වන කිලෝමීටර් කණුව අසළ කොළකනවාඩිය ප්රදේශයේදී අනතුර සිදුව ඇත්තේ අද අලුයම 1.45 ට පමණ බව පොලීසිය පවසනවා. මනම්පිටිය සිට වැලිකන්ද දෙසට ගමන් කරමින් තිබූ අත් ට්රැක්ටරයක් ඊට පසුපසින් පැමිණි වෑන් රථයක් එය පසුකර යාමට උත්සාහ දැරීමේදී ට්රැක්ටරයේ ගැටී තිබෙනවා. අනතුරින් අත්ට්රැක්ටරයේ ගමන් කළ කාන්තාවන් හතර දෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වැලිකන්ද පොලීසිය පවසන්නේ. තුවාල ලැබූ 12 දෙනෙකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් වැලිකන්ද පොලීසියේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මකයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/sAnihPfdIFQ”]