පක්ෂ විපක්ෂ සියලු කණ්ඩායම් එක්ව රටේ ගැටලුවලට විසඳුම් ලබාගත යුතු බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා. වර්තමානයේ ඇති ගැටලු අනාගත පරපුරට විසඳීමට ඉඩ නොතැබිය යුතු බවයි කුරුණෑගල පැවති සර්ව ආගමික සමුළුවේදි කතානායකවරයා අවධාරණය කළේ.
ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ 4 වන සමුළුව කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන්වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය ද සර්ව ආගමික නායකයින් ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පිරිසක් ද සමුළුවට සහභාගි වුණා. මෙහි මීළඟ සමුළුව වව්නියාව දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතයි.
කතානායක කරූ ජයසූරිය,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=cu0E4L7FL-s&feature=youtu.be&fbclid=IwAR3nIWI41m5E9_cd5G7lG5kPULHWDCloyLQvM5QHSMv_2nJaKJ6cHZdyDnQ”]