රැකියා ලබාගැනීම සඳහා ශ්‍රී‍්‍ර ලංකාව ජපානය සමඟ ගිවිසුමකට එළඹෙනවා. විදුලි සංදේශ විදේශ රැකියා හා කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ජපාන අධිකරණ විදේශ කටයුතු කම්කරු හා සුභ සාධන අමාත්‍යවරයා අතර ගිවිසුම අත්සන් තැබෙන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ.
හෙට (19) අත්සන් තැබෙන ගිවිසුමෙන් ශ්‍රී‍්‍ර ලාංකිකයන්ට වෘත්තීමය ක්ෂේත්‍ර 14 ක ජපාන රැකියා ලබාගැනීමේ අවස්ථාව උදාවන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය ප්‍රකාශ කළා. සාත්තු සේවිකා, ගොඩනැගිලි පිරිසිදුකරන්නන්, යන්ත්‍ර කොටස් හා එකලස්, කාර්මික යන්ත්‍ර කර්මාන්තය, විද්්‍යුත් හා ඉලෙක්ට්‍රොනික්, තොරතුරු කර්මාන්තය, ගුවන් යානා කර්මාන්තය, ආහාර පාන නිෂ්පාදන සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්රය ද ඊට ඇතුලත්.
ජපානය රටවල් 9 කට රැකියා අවස්ථා පිරිනමනවා. ඉන් හත් වන ස්ථානය හිමිවන්නේ ශ්‍රී‍්‍ර ලංකාවට බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.