fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝඨාභයගේ පෙත්සම් අභියාචනාධිකරණය ඉවත දමයි

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2019 16:55

ගෝඨාභයගේ පෙත්සම් අභියාචනාධිකරණය ඉවත දමයි

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් හා රීට් පෙත්සමක් අභියාචනාධිකරණය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළා.

ඩී ඒ රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 යි දශම 9 ක් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියට අදාළ නඩුව සම්බන්ධයෙන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ලබා දුන් නියෝගයක් අත්හිටුවන ලෙසටයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉල්ලා තිබුණේ.

ඔහු ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම හා රීට් පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බැවින් ගාස්තු රහිතව ඒවා ප්‍රතික්ෂේප කරන බවයි අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2019 16:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්