එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද
Related Articles
එක්දින ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක එංගලන්තය සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම් අතර තරගය අද පැවැත්වෙනවා.
ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ 24 වන තරගය මෙයයි. එංගලන්තයේ මැන්චෙස්ටර්හි පැවැත්වෙන තරගය ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් පස්වරු 3ටයි. පාදයේ අබාධයකට ලක්ව සිටිම හේතුවෙන් එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජේසන් රෝයිට අද තරගය අහිමි වි තිබෙනවා. මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ඇෆ්ගනිස්ථානයට කැපි පෙනෙන දක්ෂතා දැක්විමට හැකි වුයේ නැහැ. ඔවුන් සහභාගි වූ තරග හතරම පරාජයට පත්ව ප්රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවනවා. එංගලනන්තය තමන් සහභාගි වූ තරග 4න් 3ක් ජයගත්ත ද පාකිස්තානය සමග පැවති තරගය පරාජයට පත් වුණා. එංගලන්තය පසුවන්නේ ප්රසාද ලකුණු සටහනේ හතරවන ස්ථානයේයි.