නීති විරෝධීව ඇමෙරිකාවට පැමිණි සංග්රමණිකයින් ඉවත් කිරීමට පියවර ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පවසනවා. එළඹෙන සතියේදී එකම කටයුතු සිදු කරන බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා පවසන්නේ.
මෙක්සිකොවෙන් සහ මධ්‍යම ඇමෙරිකාවෙන් නීති විරෝධී සංක්රමනිකයන් ලෙස පැමිණි මිලියන 12 කට වැඩි පිරිසක් ඇමෙරිකාවේ ජීවත් වනවා. ඇමෙරිකාව සහ මෙක්සිකෝව අතර ඇති වූ එකගතාවයත් මත ඇමෙරිකාවේ දේශපාල රැකවරණය බලාපොරොත්තුවෙන් සිටින සංක්රමණියින්ගේ නඩු විභාගයට ගන්නා තුරු උවුන් රඳවා තැබීමට මෙක්සිකෝව කැමැත්ත පල කර තිබෙනවා. ඇමෙරිකා ජනාධිපතිවරයා පවසන්නේ ඇමෙරිකාවේ සිටින සියලුම නීතිවිරෝධී සංක්‍රමණිකයින් එළඹෙන සතියේදී ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.