ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට ඇති වී තිබෙන වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 184 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බිහාර් ප්‍රාන්තයේ ගයා ප්රදේශයටයි වියළි කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ. සෙල්සියස් අංශක 45ට වඩා වැඩි උෂ්ණත්වයක් එම ප්‍රදේශවලින් වාර්තා වන බව ඉන්දීය කාලගුණ අංශ පවසනවා. ලක්ෂ 04 ක පිරිසකට වියලි කාලගුණයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. රාජස්ථාන්,දිල්ලි ,උත්තර් ප්‍රදේශ් හා මධ්‍ය ප්‍රදේශ් ඇතුළු ප්‍රාන්ත රැසකින් සේලසියස් අංශක 46 ට වඩා වැඩි උෂ්ණත්වයක් පසුගිය දින තුන ඇතුළත වාර්තාවුණා. බිහාර් ප්‍රාන්තයේ සියලුම පාසල් මේ මස 22 වනදා දක්වා වසා දමා තිබෙනවා. මේ අතර බිහාර් ප්‍රාන්තයේ මේ දිනවල පැතිර යන වෛරසයක් හේතුවෙන් සිදු වූ ළමා මරණ සංඛ්‍යාව සියය එක්වමාවා ඇති බවයි ඉන්දී සෞඛ්‍ය අංශ පවසන්නේ.