fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත‍්‍රික් සංවිධායක යළි රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2019 12:15

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත‍්‍රික් සංවිධායක යළි රිමාන්ඩ්

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත‍්‍රික් සංවිධායක ලෙස කටයුතු කළ මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් ලබන දෙවනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ. අන්තවාදී කල්ලියක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් අන්තවාදය ව්‍යප්ත කිරිමට උත්සාහ දැරිමයි ඔහුට එරෙහි චෝදනාව. ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනුකර තිබීම හේතුවෙන් සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔහු ලග තිබී සොයාගත් භාණ්ඩ කිහිපයක් පිලිබද විශ්ලේෂණ වාර්තාවක් ලබාගැනීම සදහා ඒවා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර ඇති බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2019 12:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්