අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන විශේෂ කාරක සභාව අද යළි රැස්වනවා. ඒ පස්වරු 2 කට පමණ පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1 හිදීයි. මෙම කාරක සභා රැස්වීමේ ජනමාධ්‍ය වෙත විවෘත කරන සැසිවාරයන් ආවරණය කිරීම සඳහා මාධ්‍ය ආයතන වෙත අද දිනයේද අවස්ථාව උදා වනවා.