මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව නාවික හමුදාව ප්‍රකාශ කළා.
දැනුවත් කිරිමේ වැඩසටහන් සංවිධාන කර තිබෙනවා. එක් අදියරක් පැවැත්වුණේ යාපනයේදී. මත්ද්‍රව්‍ය හේතුවෙන් සිදුවන බලපැම් පිළිබඳව ජනතාවට කරුණු පැහැදිලි කිරිමයි අපේක්ෂාව. ඔවුන්ගේ ආර්ථික පසුබිම ශක්තිමත් කිරිම සඳහා ද මඟ පෙන්වීම් සිදුකරන බවයි නාවික හමුදාව පවසන්නේ.