අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ මරදාන සාන්ත ජෝෂප් විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය අතර පැවති තරගයෙන් වෙස්ලි විද්‍යාලය ජය හිමිකර ගත්තා. ඒ ලකුණු 15ට 13ක් ලෙසයි. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය තරගාවලිය සංවිධාන කළා.
සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රිඩා පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමා වන විට මරදාන සාන්ත ජෝෂප් විද්‍යාලය ලකුණු 10ක් ලබා සිටියා. එම අර්ධයේදී වෙස්ලි විද්‍යාලය විද්‍යාලයට ලබා ගත හැකි වුයේ ලකුණු 05ක් පමණයි. තරගයේ දෙවන අර්ධය දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තා. තරගය නිමාවන විට වෙස්ලි විද්‍යාලය ලකුණු 15ක් රැස් කරමින් ජය හිමි කර ගත්තා. ඊට උත්සාහක ගෝල දිනුම් 03ක් ඇතුලත්. ඒ වන විට මරදාන සාන්ත ජෝෂප් විද්‍යාලය ලබා සිටියේ ලකුණු 13ක් පමණයි.