fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක ජනගහනය ගැන අළුත්ම වාර්තාවක්

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2019 10:04

ලෝක ජනගහනය ගැන අළුත්ම වාර්තාවක්

ලෝක ජනගහනය සම්බන්ධයෙන් අළුත්ම වාර්තාවක් නිකුත් වුණා.

2050 වනවිට එම සංඛ්‍යාව බිලියන 9.7ක් දක්වා ඉහළ යනු ඇති බවයි ජගත් සංවිධානය සිය වාර්තාවෙන් පෙන්වා දුන්නේ. මේ වන විට ලෝක ජනගහනය බිලියන 7.7ක්. 2100 වන විට එය බිලියන 11 දක්වා වැඩි විය හැකි බවටත් මත පළවි තිබෙනවා. 2050 වනවිට ලෝක ජනගහනයෙන් හරි අඩක් අයත් වන්නේ රටවල් නවයකට. ඉන්දියාව, පාකිස්ථානය හා ඉන්දුනීසියාවත් ඊට අයත්. චීන ජනගහන වර්ධනය 2019 සිට 2050 වනවිට සියයට දෙකයි දශම දෙකකින් අඩු වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. දරු උපත් සම්බන්ධයෙන් ඔවුන් ගෙන ඇති ප‍්‍රතිපත්තිමය තීරණ ඊට හේතුවක්. ගෝලීය ආයු අපේක්ෂාව ද 2050 වන විට අඩු විය හැකි බවටත් ජගත් සංවිධාන වාර්තාවෙන් දක්වා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2019 10:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්