සමෘද්ධි ලාභී පවුල්වල සාමාන්‍ය පෙළ සමතුන් ලක්ෂයකට මෙවර සිප්දොර ශිෂ්‍යත්වය ලබාදෙන බව අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කළා.
උසස් පෙළ අවසන් වන තෙක් එය ලබාදීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ළමුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමට ශිෂ්‍යත්ව දීමනා ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මාසිකව රුපියල් 1500ක මුදලක් වසර දෙකක් යනතුරු ලබාදීමයි අපේක්ෂාව.