fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොදෙව්වන් පරදා බංග්ලාදේශය කඩුලු 07කින් ජය ගනී

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2019 09:41

කොදෙව්වන් පරදා බංග්ලාදේශය කඩුලු 07කින් ජය ගනී

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරගය කඩුලු 07කින් ජයගැනිමට  බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 23 වන තරගය‍ මෙයයි. එංගලන්තයේ ටවුන්ටන්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දු රැකිමට තිරණය කළා. ඒ අනුව පිටියට පිවිසි බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවි ලකුණු 321ක් රැස් කළා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශායි හෝප් ලකුණු 96යි. ඔහුට අනගි සහයක් වෙමින් එවින් ලුවිස් ලකුණු 70ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර හතලිස් එකයි පන්දු 03 ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසු කළා. ශකිබ් අල්හසන් නොදැවි ලකුනු 124යි.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2019 09:41

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්