ඉරානයත් සමඟ ඇති වී තිබෙන ගැටළුකාරී තත්ත්වයත් සමඟ මැද පෙරදිග සිටින ඇමෙරිකා හමුදා භට කණ්ඩායම් වැඩි කිරීමට ඇමෙරිකාව තීරණය කර තිබෙනවා.
පසුගියදා ඕමානයේ ගල්ෆ් මුහුදු කලාපයේදී නෞකා දෙකකට එල්ල වූ ප්රහාරවලින් පසුව ඇමෙරිකාව සහ ඉරානය අතර පැවති ගැටළුකාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වුණා. ඇමෙරිකාව චෝදනා කළේ ඉරානය මෙම නෞකාවලට ප්රහාර එල්ල කර ඇති බවයි. මේ හේතුවෙන් ඇමෙරිකාව මෙලෙස මැද පෙරදිගට තවත් ඇමෙරිකා හමුදා භටයින් දහසක් යැවීමට කටයුතු කරන බවයි එරට වැඩබලන ආරක්ෂක ලේකම් පැට්රික් ෂැනහන් පවසන්නේ. ඉරාන හමුදා අංශයේ සතුරු හැසිරීම හේතුවෙන් ඊට ප්රතිචාර ලෙස මෙය සිදු කළ බවයි ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ.