fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාවණ එක චන්ද්‍රිකාව හඳුනාගැනීමේ සංඥා නිකුත් කරයි

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2019 09:24

රාවණ එක චන්ද්‍රිකාව හඳුනාගැනීමේ සංඥා නිකුත් කරයි

රාවණ එක චන්ද්‍රිකාව මේ වන විට නිවැරදිව ගමන් කරන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සනත් පනාවැන්නගේ මහතා ප‍්‍රකාශ කළා.

ශ‍්‍රී  ලංකාවට ඉහළින් ගමන් කිරිමේදී එහි හඳුනාගැනීමේ සංඥා ලබා ගැනීමට හැකි වූ බවයි ඔහු පෙන්වා දුන්නේ. ශ‍්‍රි ලංකාවේ ජාතික අභ්‍යාවකාශ තාක්ෂණය වර්ධනය කිරිමත් වැඩපිළිවෙලේ අරමුණක්. අනෙක් චන්ද්‍රිකාවලට යොදා ඇති සියලු පද්ධති රාවණ එක චන්ද්‍රිකාවට ඇතුලත් බවයි එය නිර්මාණයට දායක වූ දුලානි චාමිකා විතානගේ ජපානයේ සිට ITN ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ.

ඉංජිනේරුවරුන් 17 දෙනෙකුගේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් ලෙස තවත් නැනෝ චන්ද්‍රිකා දෙකක් ඉදිරියේදී කක්ෂ ගත කිරිමට සැලසුම් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2019 09:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්