නව සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල්දමා තිබෙනවා.
නිදහස් පක්ෂයේ ඉල්ලීම මත මෙම සාකච්ඡා ලබන 26 වනදා පස්වරු 4ට පැවැත්වෙනු ඇති. එම සාකච්ඡා පැවැත්වෙන්නේ 6 වන වරටයි. කෙසේ වෙතත් ඉදිරි ජනාධිපති හා අගමැති අපේක්ෂකයන් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර පරස්පර යෝජනා ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වන්නේ.