බෙලිහුල්ඔය ප්‍රදේශයේ පැවති නීතිවිරෝධී ෆේස්බුක් සාදයේ සිට අත්අඩංගුවට ගත් 53 දෙනෙකු බලංගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදී බෙලිහුල්ඔය ප්‍රදේශයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදය අතරතුරදීයි ඔවුන් අත්අඩංගුවට ගැනුණේ. මෙම ස්ථානයේ තිබී හෙරොයින්, කොකේන්, අයිස්, ගංජා යන මත්ද්‍රව්‍ය සමග මත්පෙති තොගයක් ද සොයාගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙරොයින් සහ අසීස් ළග තබා ගත් පුද්ගලයන්ට රුපියල් දස දහස බැගින් දඩ නියම කෙරුණා. සෙසු සැකකරුවන්ට රුපියල් දෙදාහ, දෙදහස් පන්සියය සහ තුන්දහස බැගින් දඩ නියම කෙරුණා.