චීන දුම්වැටි ආනයනය කිරීමට ඉඩ නොදෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කරනවා. එම දුම්වැටි මෙරටට ගෙන්වුවහොත් තමා අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් වන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. ලෝක දුම්වැටි විරෝධී දිනය වෙනුවෙන් පැවති උත්සවයකට සහභාගී වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.
ලෝක දුම්වැටි දිනය වෙනුවෙන් දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සංවිධාන කළ උත්සවයක් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ඒජ් හි දී පැවැත්වුණා. 2020/ 2025 කාලය තුළ දුම්වැටි භාවිතය අවම කිරීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාව අමාත්‍යවරයා වෙත ලබාදීම සිදු කෙරුණා. සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා.
මෙහිදී අදහස් දැක් වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=TG0cQbfGynM&feature=youtu.be&fbclid=IwAR3nd1JggS4JigV6buo9Ny0gWoISRvFOZ_HI1yYeofiHPp2a8idoke8HH4U”]