fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇතැම් දේශපාලනඥයින් ජනතාවගේ ප්‍රශ්න අමතක කර ඇති බව ඇමති සජිත් කියයි

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 19:03

ඇතැම් දේශපාලනඥයින් ජනතාවගේ ප්‍රශ්න අමතක කර ඇති බව ඇමති සජිත් කියයි

බලයට කෑදරකමින් ඇතැම් දේශපාලනඥයින් ජනතාවගේ ප්‍රශ්න අමතක කර ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ තවත් උදාගම්මාන 5 ක් සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල , සීනිමෝදර ප්‍රදේශයේ මෙම උදාගම්මාන ඉදිකෙරෙනවා. බෙලිඅත්ත මිහිදුපුර සිරිසුමනාරාම විහාරස්ථානයේ මිහිදු පෙරහර පැවැත්වීම සඳහා රුපියල් ලක්‍ෂ 5 ක මූල්‍යාධාර පිරිනැමීම ද අමාත්‍යවරයා අතින් සිදුකෙරුණා. පලපොත ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ විහාරාධිපති අපවත්වී වදාළ පූජ්‍ය උඩුවේ සුගතඥාන ස්වාමීන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් රුපියල් ලක්‍ෂයක මුදලක් පිරිනැමීම ද අමාත්‍යවරයා සිදු කළා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස,

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 19:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo