අපනයන ගම්මාන පන්දහසක් බිහි කිරීමේ ජාතික වැඩසටහන දෙහිඅත්තකණ්ඩියෙන් අද ආරම්භ වුණා. මේ අතර පවුල් ලක්ෂ හයකට සමෘද්ධි හිමිකම් පත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ ද සාර්ථකව ක්‍රියාත්මකයි.
පවුල් ලක්ෂ හයකට සමෘද්ධි හිමිකම් පත්‍ර ලබාදීමේ රත්නපුර දිස්ත්‍රික් වැඩසටහන පැවැත්වුණේ පැල්මඩුල්ල මහපොල ක්‍රීඩාංගනයේ දීයි. අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේ දී දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 ක සුදුසුකම් ලාභීන්ට සමෘද්ධිය පිරිනැමුණා. විසිපන්දහස් හාරසිය තිස්නව දෙනෙකු ඒ සඳහා සුදුසුකම් ලබා සිටිනවා. අලුතෙන් සිතමු දිරියෙන් නැගිටිමු තේමාව යටතේයි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. තලතා අතුකෝරල, රංජිත් මද්දුම බණ්ඩාර, කරුණාරත්න පරණවිතාන,හේෂා විතානගේ, ඒ ඒ විජේතුංග යන මැතිඇමතිවරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/wfxqiZ3ob2I”]