ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය ලබා දුන් නියෝගයක් අත්හිටුවන ලෙස ඉල්ලා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යොමු කළ අභියාචන පෙත්සම ජුලි මස 18 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින ලබා දුන්නා.
ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රුපියල් මිලියන 33 දශම නවයක රජයේ මුදල් අවභාවිත කිරීම ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි චෝදනාවයි. පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම විභාග කිරීමට අවශ්‍ය බැවින් එම විනිසුරු මඩුල්ල නම් කිරීම සඳහා අග විනිසුරුවරයා වෙත යොමු කරන ලෙසටයි විත්තියේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. කෙසේ වෙතත් පෙත්සමට එරෙහි මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා දැනුම් දුන්නා.