fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැලණිය විශ්වවිද්‍යාලයට අදට වසර 60 ක් සපිරෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 11:10

කැලණිය විශ්වවිද්‍යාලයට අදට වසර 60 ක් සපිරෙයි

මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ප්‍රධානතම ආයතනයක් වන කැලණිය විශ්වවිද්‍යාලයට අදට 60 වසරක් සපිරෙනවා. විද්‍යාලංකාර පිරිවෙන කැලණිය විශ්වවිද්‍යාලය ලෙස ප්‍රකාශයට පත් කෙරෙන්නේ 1959 ස්වභාෂා ප්‍රතිපත්තිය යටතේයි.

කැලණිය විශ්වවිද්‍යාලය ආරම්භ කෙරුණේ සිසුන් 363 දෙනෙකුගෙන්. අද වන විට එහි අධ්‍යාපනය ලබන දෙස් විදෙස් සිසුන් සංඛ්‍යාව එකොළොස් දහසකට අධිකයි. පීඨ 7 කින් සහ අධ්‍යයන අංශ 57 කින් එය සමන්විත වනවා. අධ්‍යයන කාර්ය මණ්ඩලය 600 ක් ද ඇතුළුව සමස්ත කාර්ය මණ්ඩලය 1645 ක් පමණ වන බවයි එම විශ්වවිද්‍යාලය පවසන්නේ.

අභ්‍යන්තර සිසුන්ට අමතරව බාහිර උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා රැසක් ද කැලණිය විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබනවා. සෑම ක්ෂේත්‍රයකටම අදාළ කීර්තිමත් වෘත්තිකයන් ගණනාවක් බිහිකර ඇති කැලණිය විශ්වවිද්‍යාලය 60 වන සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා. එහි සමාරම්භක උත්සවය අද පස්වරුවේ පැවැත්වෙන්නේ එහි ආදි කර්තෘ පූජ්‍ය රත්මලානේ ධර්මාලෝක නාහිමි ප්‍රථිමාවට පුෂ්පෝපහාර දක්වමින්. විශ්වවිද්‍යාලයීය කුලපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේ සහ උපකුලපති මහාචාර්ය ඩී එම් සේමසිංහ, ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න යන මහත්වරුන් ද සමාරම්භක උත්සවයට එක්වනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 11:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo